මං මේ කියන්න හදන්නේ microsoft සමාගමෙන් මෑතකදී cloud security වලට අලුතින් හදුන්වා දීපූ අමුත්තෙක් ගැන. ඒ තමයි මේ Azure Sentinel කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් මේක අලුත් cloud based cyber security tool එකක්. මේක හදුන්වා දීමේ මූලික අරමුණ වෙලා තියෙන්නේ cloud භාවිතා කරන පාරිභෝගිකයන්ව cyber ප්‍රහාර වලට ලක්වීමෙන් ආරක්ෂා කරන එක.
මේ tool එක විශාල දත්ත analyze කරන්නේ AI බාවිතා කරලා. ඒ නිසා කලින් මීට සමාන tool වලට වඩා මේක ඉතාම වේගවත්. ඒ වගේම මේ tool එකෙන් දවසක් ඇතුලත මිලියන ගණනින් දත්ත analyize කරන්න පුලුවන්. මේ නිසා දත්ත වලට යම්කිසි අවදානමක් තියෙනවනම් අපිට කලින්ම security alerts හරහා දැන ගැනීමේ පහසුකම මේ tool එක තුලින් ලබා ගන්න පුලුවන්.
ඒ වගේම office 365 වල තියෙන data මේකට free import කරලා analyze කිරීමේ හැකියාවත් මේ tool එකේ තියෙනවා. ඒකෙන් විතරක් නෙවෙයි, අපි භාවිතා කරන applications, servers වලින් උනත් අපිට data import කරන්න පුලුවන්. මේ import කරන data අපිට ඕන විදියට අපේම machine learning models පාවිච්චි කරලා optimize කරගන්නත් පහසුකම් සපයලා තියෙනවා.
තවත් ලිපියක් සමග නැවත හමුවෙන්නම්. ස්තූතියි
මොකක්ද මේ Microsoft Azure Sentinel කියන්නේ?
Reviewed by Pasindu Senarath
on
April 12, 2019
Rating:

No comments: