Android කරළියට එන අලුත් වැඩකාරයා-Android P


අද මං මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ google සමාගමෙන් නිකුත් කිරීමට නියමිත 9 වෙනි android Operating System එක ගැන.ඒ තමයි මේ android P කියන්නේ.ඔයාලා දන්නවා මීට කලින් version එක,ඒ කිව්වේ android oreo OS එක ගොඩක් අලුත් දේවල් එක්ක 2017 release කලා.ඉතින් අපි බලමූ android P සමගින් අපිට අත්විදින්නට ලැබෙන අලුත් විශේෂ දේවල් මොනාද කියලා.



Android P එක ගැන පළමු ව google  සමාගම විසින්  මාර්තු 7 වෙනිදා සහ එදාම එයාලා developer preview එකකුත් නිකුත් කලා.ඉතින් මේ preview එකේ features යම් ප්‍රමාණයක් ඇතුලත් කරලා තියනවා.මේක ඉතින් preview එකක් නිසා කාලෙත් එක්ක OS එක නිකුත් කරන කාලෙදි තව features මේකට එකතු වෙලා තියේවි.




එදිනෙදා ජීවිතයේ smart phone එකක් තියන ඕන කෙනෙක්ට උදව් වෙන app එකක් තමයි google maps කියන්නෙ.මේ app එක පාවිච්චි කරන සමහර අයට මුහුණ දෙන්න සිදුවෙච්ච අපහසුතාවක් තමයි indoor ප්‍රදේශ වලට map එක support කරන්නේ නැති එක.උදාහරණයක් විදියට shopping mole එකක් ඇතුලේ පාරවල් map එකෙන් පෙන්නන්නෙ නෑ.ඉතින් මේ අපහසුතාවයට පිලියමක් wifi round trip time(RTT) ක්‍රමය යොදාගෙනෙ indoor map concept එකක් ගූගල් වෙතින් android P හරහා අපිට ලැබෙනවා.
තවත් feature එකක් විදියට notifications වල වැඩි දියුණුවක් කරලා තියනවා.ඒ කියන්නේ ඇප් එකක් සම්පූර්ණයෙන් විවෘත නොකර notification bar එකෙන් ඉදන් අවශ්‍ය වැඩේ කරගන්න පුළුවන්.උදාහරණයක් විදියට google smart reply conecpt එක කියන්න පුළුවන්.
ඒ වගේම ගොඩක් අය බලාපොරොත්තු වෙච්ච විදියට  android power usage එක සීමා කරලා battery   life එක වැඩි කරන්න පුලුවන් වෙලා තියනවලු.OS එක release වුනාම බලමු ඒක කොච්චර දුරට සාර්ථක වෙලාද කියලා.


තවත් වැදගත් දෙයක් තමයි එයාල overall security එකත් android p එකේ වැඩි කරලා තියනවා.එයාලා මේකෙදී sensors,microphones සහ camera සදහා  අලුත් සීමා සහිත පද්ධතියක් හදුන්වා දීලා තියනවලු.ඒ වගේම fingerprints වලත් ස්ථාවරබාවය වැඩි කරලා තියනවා කියල තමයි දැනගන්න ලැබෙන්නෙ.
ඒ වගේම HDR VP9 Video සහ HEIF Image Compression support වගේ පොඩි පොඩි වෙනස්කම් ටිකකුත් වෙනවා කියලා එයාල කියනවා.

ඔයාලට හිතෙනවා ඇති ඇයි ඔක්කොම version එක එක පැණි රස කෑම වලින් ඇවිත් මේකට android P කියන්නේ කියලා.මේකෙත් සැගවිච්ච නමක් තියනවා.මේකේ P කියන්නෙ "පිස්ටාචියෝ ice cream" කියන එකට.නමුත් google සමාගමෙන් කියන්නේ මේක අවසාන නම නෙවෙයි කියලා.ඉතින් එයාලට තව p අකුරෙන් පටන් ගන්න තව රස කෑමක් ඇති.


ඉතින් ඔය මම කිව්වේ developer version 1 එකේ සදහන් වෙලා තියන එව්වා ටිකක් ගැන.version 2 එක release වෙන්න තියෙන්නේ may මාසෙදී.මේ වගේ version 5ක් release වුනාට පස්සේ තමයි final version එක ඔක්තෝබර්  වල release කරනවා කියන්නේ.ඉතින් ඉදිරි කාලේදී තව අලුත් දේවල් ගැන දැනගන්න ලැබේවි.
          ස්තූතියි!











Android කරළියට එන අලුත් වැඩකාරයා-Android P Android කරළියට එන අලුත් වැඩකාරයා-Android P Reviewed by Pasindu Senarath on March 20, 2018 Rating: 5

2 comments:

Powered by Blogger.