මේ කාලේදි,ඒ කිව්වේ මාර්තු මාසේ ගොඩක් තාක්ෂණය එක්ක ඉන්න යාලුවෝ මග බලන් ඉන්න දෙයක් තමයි මේ google.io කියන්නේ..මොකද මේ කාලෙදි තමයි ලංකාවෙ මං මේ කියන්න යන event එකට සහභාගි වීමට ලියාපදිංචි කිරීම් සිදු කරන්නේ..මූලික වශයෙන් මේ සදහා dialog සහ mobitel අනුග්රහය දක්වනවා..ඉතින් මං මුලින්ම කියන්නම් මොනවද මේ event එකේදි වෙන්නෙ සහ මේකෙ ඉතිහාසය ගැන.
![]() |
Google I/O ගැන සරව කිව්වොත් ඒක ඇමරිකාවේ san francisco නගරයේ වාර්ශිකව ගූගල් ආයතනයෙන් සංවිධානය කරන සමුළුවක්. මේකෙදි ගූගල් ආයතනය එයාලගේ අනුග්රහයෙන් හදන web application , mobile application , enterprise application ගැන දේශන පවත්වනවා. ඒ විතරක් නෙවෙයි ගූගල් ආයතනයෙන් ඉදිරියට release කරන්න තියන අලුත් technology ගැනත් එයාල මේකෙදි කතා වෙනවා.
Google i/o පටන් ගෙන තියෙන්නෙ 2008 දී..ඉතින් මේ අවුරුද්දේ ඒ කිව්වේ 2018 තියන්නේ එයාලගේ 11 වෙනි සමුළුව.දැන් ඔයාලා හිතනවා ඇති ඇමරිකාවේ තියන එකකට අපි යන්නේ කොහොමද කියලා..ඒ මෙහෙමයි..ඇමරිකාවේ තියන ඒ සමුළුව යන වෙලාවට අපේ රටේ ඒ සමුළුව ම සජිවී ව බලන්න අවස්ථාව google ආයතනයෙන් අපිට ලබාදෙනවා.ඒ කියන්නෙ hosting event එකක් විදියට තමයි ලංකාවේ google i/o extended event එක තියන්නේ..මේක ලංකාවේ වෙලාවෙන් හවස 6.00 ඉදන් පාන්දර 6.00 වෙනකල් යනවා.2017 වසරේ මේකෙදී නිකුත් වෙච්ච technology ගැන පොඩ්ඩක් කිව්වොත් android oreo update එක සමග project treble concept එක,google assitant IOS(ඒ කිව්වේ apple දුරකථන වලට) වලට support කරන්න හදපු එක,google ai use කරලා හදපු google lens ගැනත් ඒකෙදි කතා උනා.2018 event එකේ දී android P , Google home, android assitance upgrade එකක් සහ snap seed upgrade එකක් වගේ announce කරයි කියලා දැනගන්න ලැබෙනවා..ඉතින් මේ වගේ අලුත් තාක්ශනික දේවල් දැනගන්න මේක නියම event එකක්.
මේකට යන ඔයාලට ඒ තාක්ෂණය විතරක් නෙමෙයි tshirt එකකුයි කන්න බොන්නත් හම්බෙනවා.ඒක කිව්වේ නම් උවමනාව වැඩි වෙන්නත් එක්ක.මේ වසරේ මේ event එක මැයි 8 වැනිදා තියන්න නියමිතයි.mobitel ආයතනයෙන් නම් ලියාපදිංචි වීම කරලා ඉවරයි..මේ event එකට කොච්චර ඉල්ලුමක් තියනව ද කිව්වොත් ලියාපදිංචි කිරීම ආරම්භ කරලා පැය කිහිපයක් යනකොටම ticket sold out.ඒකට ලියාපදිංචි වෙන්න බැරිවුන අය දැන් බලන් ඉන්න dialog එකෙනුත් ලගදිම දාවී.
ඉතින් මේ event එක ගැන කිසි අදසක් තිබ්බෙ නැති කෙනෙක්ට මේ ලිපිය උදව්වක් වෙන්න ඇති කියල හිතනවා.
ස්තුතියි !
what is this google io? මොකක්ද මේ google.io?
Reviewed by Pasindu Senarath
on
March 17, 2018
Rating:
Reviewed by Pasindu Senarath
on
March 17, 2018
Rating:




👌👌
ReplyDelete👍😇
DeleteNiyamai
DeleteThanks bro 😁
Delete👌👍
ReplyDelete👍😇
Delete