මේ කාලෙදි විවිධ දුරකථන සමාගම් වලින් අලුත් අලුත් තාක්ෂණයන්ගෙන් සමන්විත Smart phones නිකුත් කරනවා.ඉතින් හැම සමාගමක්ම උත්සහා කරන්නේ එයාලගේ ඊලඟ නිෂ්පාදනයේ අලුත් තාක්ෂණික යමක් ඇතුලත් කරන්න.අද මං ඔයාල එක්ක කතා කරන්න යන්නේ ඒ වගේ තාක්ෂණික වැඩ වලින් හැඩවැඩ වෙච්ච Samsung S9 සහ S9+ Smart phones දෙක ගැන.
බැලු බැල්මට S9 සහ S9+ එක දැක්කහම ඔයාලට හිතෙනවා ඇති මේකත් S8 සහ S8+ වගේමයි කියලා. ඒ නිසා මුලින් ම මං මේ දෙකේ තියන වෙනස්කම් ගැන කතා කරන්නම්.
පෙනුම අනූව බැලුවොත් ප්රදාන වෙනස්කමක් විදියට කියන්න පුලුවන් දෙයක් තමයි S9 සහ S9+ එකේ finger print scanner එක තියන තැන. S8 සහ S8+ එකේ ඒක තිබ්බෙ camera එකට side එකට වෙන්න.ඉතින් එතන තියෙද්දී unlock කරගන්න අමාරු නිසා මේ පාර camera එකේ පහලට ගෙනත් තියනවා.ඒ වගේම මේ දෙකේ curve ගතිය S8 සහ S8+ දෙකට වඩා වැඩි. මේවගේ ඉස්සරහ පිටුපස හදලා තියෙන්නෙ වීදුරු වලින්.ඒ corning gorilla glass 5 කියන වර්ගේ. S8 සහ plus පාවිච්චි කරපු අය නොදන්න දෙයක් නෙවෙයි ඒක. ඉතින් කොච්චර හොද වීදුරුවක් උන්ත් වීදුරු බිදෙනවා.මේ model ගන්න හිතන් ඉන්න අය දැනගන්න ඕනිම දෙයක් තමයි පොඩ්ඩක් වැටුනොත් sorry තමයි කියන එක. ඒ නිසා ගත්තු ගමන් gurads දාගන්න.අනිත් විස්තර වලට යන්න කලින්ම කිව්වේ ඒක වැදගත් නිසා. හරි දැන් අපි මේ අලුත් phones දෙකේ තියන specification මොනාද කියලා බලමු.
මේකේ display size එක ගැන කතා කලොත් S9 එකට අඟල් 5.8කුත් S9+ එකට අඟල් 6.2කුත් තියනවා. size එක ටිකක් S9+ ලොකු වුනාට එකම 1440X2960 pixel resolution එකක් තමයි දෙකටම තියෙන්නෙ. ඒ වගේම storage එක ගැන කතා කලොත් 64GB,128GB සහ 256GB වලින් නිශ්පාදනය කරලා තියනවා. හැබැයි storage එක වැඩි වෙනකොට ගානත් ටිකක් සැරවෙනවා. මේ දෙකේ sounds ගැන කතා කලොත් stereo speakers 2කින් යුක්තයි. ඒ නිසා හොද sounds quality එකක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.ඒ වගේම finger print unlock එකට අමතරව face unlock feature එකත් මේකෙ තියනවා.
මේකෙ තියන chipset එක ගැන කිව්වොත් මේකේ තියෙන්නේ EMEA Qualcomm SDM845 Snapdragon 845 chipset එක.මේකේ තියන විශේෂත්වය තමයි මේ වර්ගෙන් හදලා තියන පළමු smart phones දෙක S9 සහ S9+ එක වීමයි. ඒ වගේම මේ දෙකේ camera එක ගැන කිව්වොත් පිටුපස S9 එකේ 12MP single camera එකකුත් S9+ එකේ 12MP dual camera setup එකකුත් තියනවා.මේකේ විශේෂත්වය තමා ලෝකේ පළමු වතාවට තමයි variable aperture concept එකත් එක්ක smart phone එකක් ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ අපිට පුලුවන් back camera එකේ lens එකෙ විවරය(aperture) වෙනස් කරන්න. S9+ එකේ නම් dual camera එකෙන් එකකට විතරයි මේ පහසුකම දීලා තියෙන්නේ.මේ phones දෙකේම front camera එක 8MP වෙනවා.ඒ වගේම මේකේ front camera එකේ AR emoji පහසුකම තියනවා.ඒක භාවිතා කරලා අපේම මූනේ හැඩේට emoji එකක් හදාගන්න පුලුවන්.
මේකෙ battery එක ගැන කතා කලොත් S9 එකට 3000mAh battery එකකුත් S9+ එකට 3500mAh battery එකකුත් තියනවා. Charging පහසුකම් ගැන කතා කලොත් fast charging සහ wireless charging පහසුකම මේ smart phones දෙකේ තියනවා.ඒ වගේම phones දෙකම android 8.1(oreo) OS එක සමග තමයි ඇවිත් තියෙන්නේ.තාම නම් මේක pre order කරන්න විතරයි පුලුවන්. මිල ගැන කතා කලොත් මාත් හරියටම ලංකාවෙ price එක ගැන දන්නේ නෑ. price range එක විදියට රුපියල් 145000-160000 වගේ තමයි අරංචි වෙන්නේ.
ස්තූතියි!
Samsung පවුලට එකතුවෙන අලුත්ම පෙරළිකාරයන් දෙදෙනා-Samsung S9 සහ S9+
Reviewed by Pasindu Senarath
on
April 01, 2018
Rating:
Reviewed by Pasindu Senarath
on
April 01, 2018
Rating:



😊✌
ReplyDelete😁✌️
ReplyDelete